Bitcoin පිලිබඳ තව දේ
Bitcoin කියල කියන්නේ මුදල් ඒකකයක් ( Dollar, Euro වගේ). හැබැයි ඒක කිසිම රටකට හරි , පුද්ගලයකුට ආයතනයකට හරි අයිති නැති සම්පූර්ණයෙන්ම විසිරුණු ජාලයකින් ( Completely decentralized) පාලනය වන මුදල් ඒකකයක් වේ. Bitcoin වලට රටක් නැති නිසා , සහ අයිතිකාරයෙක් නැති නිසා පාලනය වෙන්නේ පරිගණක වැඩසටහනකින්. එය ලෝකය පුර විසිරි සිටින පරිගණක ජාලයක් තුල ක්‍රියාත්මක වේ. එම නිසා කිසිම කෙනෙකුට එම ජාලයේ වැඩි දෙනාගේ කැමැත්ත නැතුව සංසරණය වන Bitcoin ප්‍රමාණය , ඇතුළු නීති රීති වෙනස් කිරීමට හැකියාවක් නැහැ. Bitcoin නිපදවෙන ප්‍රමාණය : දැනට විනාඩි 10 කට Bitcoin 6.25 ක්. මෙය 2024 දී විනාඩි 10 කට 3.125 දක්වා අඩු වේ. මෙය කිසිම කෙනෙකුට වෙනස් කල නොහැක (ජාලයේ ඉතා වැඩි ප්‍රතිෂතයකගේ කැමැත්ත නැතුව). Bitcoin Mining : Bitcoin Mining යනු Bitcoin ජාලයේ ගනුදෙනු තහවුරු කිරීම සහ ජාලයේ ආරක්ෂාව තහවුරු කිරීමයි. එම කාර්ය සිදු කිරීම වෙනුවෙන් එම පරිගණක වලට ඉහත සඳහන් ප්‍රමාණ (දැනට විනාඩි 10 කට Bitcoin 6.25) වලින් Bitcoin පරිත්‍යාග කෙරේ. Bitcoin Mining සිදු කෙරුනුයේ එම පරිගණක තුල සංකීර්ණ ගණිත කර්ම සිදුකි...