Posts

ශ්‍රී ලංකාව තුල Bitcoin මිලදී ගන්නේ කෙසේද?

ශ්‍රී ලංකාව තුල Bitcoin මිලදී ගැනීමට ඇති ඉඩ ප්‍රස්තා සීමිත වේ. එයට හේතු වෙන්නේ ශ්‍රී ලංකාව ගැන එතරම් හොඳ ප්‍රතිරූපයක් අන්තර්ජාතික මුල්‍ය ආයතන වල නොමැති වීමයි. උදා ඇමෙරිකාවේ FATF හා යුරෝපයේ EDD ලැයිස්තු වලින් ශ්‍රී ලංකාව අයින් වුයේ මේ අවුරුද්දේ මුලදිය. Bitcoin මිලදී ගැනීමේදී සැලකිය යුතු කරුණු බොහෝ Bitcoin වෙලන්දපොලවල් ත්‍රස්තවාදය වැළක්වීමේ හා මුදල් විශුද්ධි කරණය වැනි නීති රීති නිසා ඔබගේ හැඳුනුම් පත , හැඳුනුම් පත සමඟ selfie එකක් , හා මුදල් වියදම් කරන ණය පතේ රහස් අංකය සඟවා ගත්   චායාරූපයක් ඉල්ලා සිටි. Paxful Paxful යනු විවිධ රටවල් තුල Bitcoin වෙලදාම් කරන වෙළඳුන් සඳහා නිපදවූ වෙබ්අඩවිය කි. එහි ශ්‍රී ලංකාවේ වෙළඳුන් සුළු ප්‍රමාණයක් Bitcoin වෙලන්දමේ නියැලී සිටි. ඔවුන්ගෙන් Bitcoin , බැංකු ගිණුම් වලින් මුදල් හුවමාරු කිරීමෙන් ලබා ගත හැක. එහි ඇති විශේෂත්වය වන්නේ මුදල් වංචා වැලක්වීමට විකුණන Bitcoin මුලින් වෙබ් අඩවියේ තැන්පත් කර අගුලු දමා මුදල් හුවමාරු වූ පසු එහි සාක්ෂි ඉදිරිපත් කල පසු පමණක් Bitcoin නිදහස් කිරීමයි. මෙම වෙබ් අඩවියෙන් සාමාන්යෙන් හොඳ මිලකට Bitcoin ...

Bitcoin පිලිබඳ තව දේ

Image
Bitcoin කියල කියන්නේ මුදල් ඒකකයක් ( Dollar, Euro වගේ). හැබැයි ඒක කිසිම රටකට හරි , පුද්ගලයකුට ආයතනයකට හරි අයිති නැති සම්පූර්ණයෙන්ම විසිරුණු ජාලයකින් ( Completely decentralized) පාලනය වන මුදල් ඒකකයක් වේ. Bitcoin වලට රටක් නැති නිසා , සහ අයිතිකාරයෙක් නැති නිසා පාලනය වෙන්නේ පරිගණක වැඩසටහනකින්. එය ලෝකය පුර විසිරි සිටින පරිගණක ජාලයක් තුල ක්‍රියාත්මක වේ. එම නිසා කිසිම කෙනෙකුට එම ජාලයේ වැඩි දෙනාගේ කැමැත්ත නැතුව සංසරණය වන Bitcoin ප්‍රමාණය , ඇතුළු නීති රීති වෙනස් කිරීමට හැකියාවක් නැහැ. Bitcoin නිපදවෙන ප්‍රමාණය : දැනට විනාඩි 10 කට Bitcoin 6.25 ක්. මෙය 2024 දී විනාඩි 10 කට 3.125 දක්වා අඩු වේ. මෙය කිසිම කෙනෙකුට වෙනස් කල නොහැක (ජාලයේ ඉතා වැඩි ප්‍රතිෂතයකගේ කැමැත්ත නැතුව). Bitcoin Mining : Bitcoin Mining යනු Bitcoin ජාලයේ ගනුදෙනු තහවුරු කිරීම සහ ජාලයේ ආරක්ෂාව තහවුරු කිරීමයි. එම කාර්ය සිදු කිරීම වෙනුවෙන් එම පරිගණක වලට ඉහත සඳහන් ප්‍රමාණ (දැනට විනාඩි 10 කට Bitcoin 6.25) වලින් Bitcoin පරිත්‍යාග කෙරේ. Bitcoin Mining සිදු කෙරුනුයේ එම පරිගණක තුල සංකීර්ණ ගණිත කර්ම සිදුකි...

Bitcoin යනු කුමක්ද?

Image
Bitcoin යනු 2009 ලෝක ආර්ථික අර්බුදයෙන් පසු බිහිවූ මුදල් ඒකකයකි. එය Cryptocurrency නමැති ගනයේ මුදල් වර්ගයකි. එය කෙනෙකුගෙන් තව කෙනෙකුට මුදලක් ගෙවීමට භාවිතා වේ. එහි විශේෂත්වය වන්නේ ඒ සඳහා බැංකුවක සහයෝගය අවශ්‍ය නොවීමයි. ඉතාමත් සරලව පැවසුවොත් කෙනෙකුගෙන් තව කෙනෙකුට email පණිවුඩයක් යවන ආකාරයට මුදල් යැවීමට හැකි විදියකි. මෙය මුල සිටම මුදල් වල ආරක්ෂාව ගැන සිතා කල නිර්මාණයක් බැවින් Bitcoin ජාලය තුලින් මුදල් සොරකම් කිරීම සිදු කල නොහැකි වේ. නමුත් Bitcoin ගබඩා කිරීමේදී නිසි ආරක්ෂක ක්‍රම වේද යොදා නොගැනීම නිසා කෙනෙකුගෙන් සොරකම් කල හැක. Bitcoin ජාලය වැඩ කරන ක්‍රමවේදය. මෙය ඉතා සරල කිරීමකි. බැංකුවක් හරහා මුදල් යැවීමේදී අදාල බැංකුව අපගේ මුදල් වෙන කෙනෙකුට යැවූ බව සහතික කරන Ledger එකක් භාවිතා කරයි. Bitcoin වලදී ලෝකය වටා ඇති පරිගණක රාශියක් මගින් ඔබ යැවූ මුදල ledger ගත වේ. එම පරිගණක පවත්වා ගැනීමට ඔවුන්ට මුදලක් ලැබේ. නමුත් පරිගණක කේත ක්‍රම භාවිතයෙන් එම මුදල් ආරක්ෂා වේ. මෙය කියවන කෙනෙකුට මෙය තවත් පිරමීඩ ක්‍රමයක්ද කියා සැකයක් ඇති වීමට පිළිවන. නමුත් එය එසේ නොවන බවට මෙම විශ්වාසවන්ත වෙබ්...