Posts

Showing posts from February, 2018

Bitcoin යනු කුමක්ද?

Image
Bitcoin යනු 2009 ලෝක ආර්ථික අර්බුදයෙන් පසු බිහිවූ මුදල් ඒකකයකි. එය Cryptocurrency නමැති ගනයේ මුදල් වර්ගයකි. එය කෙනෙකුගෙන් තව කෙනෙකුට මුදලක් ගෙවීමට භාවිතා වේ. එහි විශේෂත්වය වන්නේ ඒ සඳහා බැංකුවක සහයෝගය අවශ්‍ය නොවීමයි. ඉතාමත් සරලව පැවසුවොත් කෙනෙකුගෙන් තව කෙනෙකුට email පණිවුඩයක් යවන ආකාරයට මුදල් යැවීමට හැකි විදියකි. මෙය මුල සිටම මුදල් වල ආරක්ෂාව ගැන සිතා කල නිර්මාණයක් බැවින් Bitcoin ජාලය තුලින් මුදල් සොරකම් කිරීම සිදු කල නොහැකි වේ. නමුත් Bitcoin ගබඩා කිරීමේදී නිසි ආරක්ෂක ක්‍රම වේද යොදා නොගැනීම නිසා කෙනෙකුගෙන් සොරකම් කල හැක. Bitcoin ජාලය වැඩ කරන ක්‍රමවේදය. මෙය ඉතා සරල කිරීමකි. බැංකුවක් හරහා මුදල් යැවීමේදී අදාල බැංකුව අපගේ මුදල් වෙන කෙනෙකුට යැවූ බව සහතික කරන Ledger එකක් භාවිතා කරයි. Bitcoin වලදී ලෝකය වටා ඇති පරිගණක රාශියක් මගින් ඔබ යැවූ මුදල ledger ගත වේ. එම පරිගණක පවත්වා ගැනීමට ඔවුන්ට මුදලක් ලැබේ. නමුත් පරිගණක කේත ක්‍රම භාවිතයෙන් එම මුදල් ආරක්ෂා වේ. මෙය කියවන කෙනෙකුට මෙය තවත් පිරමීඩ ක්‍රමයක්ද කියා සැකයක් ඇති වීමට පිළිවන. නමුත් එය එසේ නොවන බවට මෙම විශ්වාසවන්ත වෙබ්...