Bitcoin යනු කුමක්ද?


Bitcoin යනු 2009 ලෝක ආර්ථික අර්බුදයෙන් පසු බිහිවූ මුදල් ඒකකයකි. එය Cryptocurrency නමැති ගනයේ මුදල් වර්ගයකි. එය කෙනෙකුගෙන් තව කෙනෙකුට මුදලක් ගෙවීමට භාවිතා වේ. එහි විශේෂත්වය වන්නේ ඒ සඳහා බැංකුවක සහයෝගය අවශ්‍ය නොවීමයි. ඉතාමත් සරලව පැවසුවොත් කෙනෙකුගෙන් තව කෙනෙකුට email පණිවුඩයක් යවන ආකාරයට මුදල් යැවීමට හැකි විදියකි. මෙය මුල සිටම මුදල් වල ආරක්ෂාව ගැන සිතා කල නිර්මාණයක් බැවින් Bitcoin ජාලය තුලින් මුදල් සොරකම් කිරීම සිදු කල නොහැකි වේ. නමුත් Bitcoin ගබඩා කිරීමේදී නිසි ආරක්ෂක ක්‍රම වේද යොදා නොගැනීම නිසා කෙනෙකුගෙන් සොරකම් කල හැක.






Bitcoin ජාලය වැඩ කරන ක්‍රමවේදය.

මෙය ඉතා සරල කිරීමකි.

බැංකුවක් හරහා මුදල් යැවීමේදී අදාල බැංකුව අපගේ මුදල් වෙන කෙනෙකුට යැවූ බව සහතික කරන Ledger එකක් භාවිතා කරයි. Bitcoin වලදී ලෝකය වටා ඇති පරිගණක රාශියක් මගින් ඔබ යැවූ මුදල ledger ගත වේ. එම පරිගණක පවත්වා ගැනීමට ඔවුන්ට මුදලක් ලැබේ. නමුත් පරිගණක කේත ක්‍රම භාවිතයෙන් එම මුදල් ආරක්ෂා වේ.

මෙය කියවන කෙනෙකුට මෙය තවත් පිරමීඩ ක්‍රමයක්ද කියා සැකයක් ඇති වීමට පිළිවන. නමුත් එය එසේ නොවන බවට මෙම විශ්වාසවන්ත වෙබ් අඩවි මගින් ඔබට පැහැදිලි කර ගත හැක.

https://en.wikipedia.org/wiki/Bitcoin

Bitcoin ආකර්ශනීය වීමට හේතුව කුමක්ද?

Bitcoin ලෝකය පුරා සීග්‍රයෙන් ව්‍යාප්ත වන අතර මුළු ලෝකයටම ඇත්තේ Bitcoin මිලියන 21 ක් පමණි. මෙම නිසා මෙහි වටිනාකම ඉතා සීග්‍රයෙන් ඉහල යමින් පවතී. උදාහරණයක් වශයෙන් 2011 ඩොලර් 01 වූ Bitcoin එකක් දැන් මිල ඩොලර් 10,000 වේ. එය පසුගිය දෙසැම්බරයේ ඩොලර් 20,000 පමණ විය. Bitcoin වැල ආයෝජනය කිරීමට ඔබට මෙතරම් මුදලක් අවශ්‍ය නොවේ. ඒ එක Bitcoin එකක් 108 පමණ ප්‍රමාණයක බෙදීමේ හැකියාව නිසා වේ. උදාහරණයක් වශයෙන් ඔබ ඩොලර් 200 ක් ආයෝජනය කිරීමේදී Bitcoin  0.02 ප්‍රමානයක් මිලදී ගත හැක.

මෙම ආයෝජනයේ ඇති ගැටළු මොනවද?

මෙම ආයෝජනයේ ඇති ප්‍රධානම ගැටලුව වන්නේ Bitcoin මිල බරපතල ලෙස තාවකාලිකව අඩු වැඩි වීමේ හැකියාවයි. උදාහරණයක් වශයෙන් 2014 දී ඩොලර් 1000 වූ Bitcoin මිල Bitcoin මිලදී ගැනීමේ ආයතනයක වූ ගැටළුවක් නිසා ඩොලර් 170 ට දින කීපයකින් අඩු විය. එය 170 – 400 මට්ටමේ  අවුරුදු 3 පමණ තිබී 2017 ජනවාරි මාසයේ ඩොලර් 1000 වී 2017 දෙසැම්බර් මස ඩොලර් 20,000 දක්වා ඉහල යන ලදී. නැවත 2018 පෙබරවාරි මස ඩොලර් 6000 අඩු වී පෙබරවාරි අග ඩොලර් 12000 ට වැඩි විය.

Bitcoin නැත්තටම නැති විය හැකිද.


Bitcoin නිපදවා ඇති ආකාරය අනුව එය නැත්තටම නැති වීමට Internet නැත්තටම නැති විය යුතුය. 


ශ්‍රී ලංකාව තුල Bitcoin මිලදී ගන්නේ කෙසේද?

ඩොලර් වලින් Bitcoin මිලදී ගත හැකි ආයතන (Exchanges) බොහොමයක ශ්‍රී ලංකා වැසියන්ට ලියාපදිංචි විය නොහැක. නමුත් දැනට ආයතන තුනක ශ්‍රී ලංකානු පුරවසින්ට ලියාපංචි විය හැක.

එම ආයතන තුන පිලිවෙලින් 

1. Cex.io : - 1.      දැනට ලේසියෙන්ම ලියාපදිංචි විය හැකි සහ අඩු වියදමකින් Bitcoin ලබා ගත හැකි Exchange එකකි.  

Bitcoin Exchange CEX.IO


1.      මෙම ආයතනය එංගලන්තයේ ලියාපදිංචි වූ අන්තර්ජාතික Financial regulations පිළිපදින ආයතනයකි. මෙහි ලියාපදිංචි වූ පසු Bitcoin මිලදී ගැනීමට ඔබගේ අනන්‍යතාවය තහවුරු කල යුතු වේ. ඒ සඳහා ඔබගේ ජාතික හැඳුනුම්පත හෝ රියදුරු බලපත්‍රයේ photos අවශ්‍ය වේ. ඊට අමතරව ඔබ VISA/Mastercard වලින් pay කරනවානම් එම card එකේ මුල් පිටුව හා ඔබ card පත රැගෙන සිටින සෙල්ෆි චායාරූපයක් අවශ්‍ය වේ. 

1.      Bitifinex  : - Visa/Master card වලින් ගෙවීම් කල නොහැක. Wire transfer වලින් පමණක් ගෙවීම් කල හැක.


2.      Coinmama : - සාමාන්‍ය මුදලට වඩා Bitcoin එකක මුදල අධික වේ. 

Bitcoin මිලදී ගත පසු එය ගබඩා කල හැකි අයුරු.


Comments

  1. It’s in reality a nice and useful piece of info. I am glad that you simply shared this useful information with us. Please stay us up to date like this. Thanks for sharing.
    Whitebitcoin Exchange

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ශ්‍රී ලංකාව තුල Bitcoin මිලදී ගන්නේ කෙසේද?

Bitcoin පිලිබඳ තව දේ