Bitcoin පිලිබඳ තව දේ
Bitcoin කියල කියන්නේ
මුදල් ඒකකයක් (Dollar, Euro වගේ). හැබැයි ඒක
කිසිම රටකට හරි, පුද්ගලයකුට
ආයතනයකට හරි අයිති නැති සම්පූර්ණයෙන්ම විසිරුණු ජාලයකින් (Completely
decentralized) පාලනය වන මුදල්
ඒකකයක් වේ.
Bitcoin වලට රටක් නැති
නිසා, සහ අයිතිකාරයෙක්
නැති නිසා පාලනය වෙන්නේ පරිගණක වැඩසටහනකින්. එය ලෝකය පුර විසිරි සිටින පරිගණක
ජාලයක් තුල ක්‍රියාත්මක වේ. එම නිසා කිසිම කෙනෙකුට එම ජාලයේ වැඩි දෙනාගේ කැමැත්ත
නැතුව සංසරණය වන Bitcoin ප්‍රමාණය, ඇතුළු නීති රීති වෙනස් කිරීමට
හැකියාවක් නැහැ.
Bitcoin නිපදවෙන ප්‍රමාණය : දැනට විනාඩි 10 කට Bitcoin 6.25 ක්. මෙය 2024 දී විනාඩි 10 කට 3.125 දක්වා අඩු වේ. මෙය කිසිම කෙනෙකුට
වෙනස් කල නොහැක (ජාලයේ ඉතා වැඩි ප්‍රතිෂතයකගේ කැමැත්ත නැතුව).
Bitcoin Mining : Bitcoin Mining යනු Bitcoin
ජාලයේ ගනුදෙනු තහවුරු කිරීම සහ
ජාලයේ ආරක්ෂාව තහවුරු කිරීමයි. එම කාර්ය සිදු කිරීම වෙනුවෙන් එම පරිගණක වලට ඉහත
සඳහන් ප්‍රමාණ (දැනට විනාඩි 10 කට Bitcoin 6.25) වලින් Bitcoin
පරිත්‍යාග කෙරේ.
Bitcoin Mining සිදු කෙරුනුයේ එම
පරිගණක තුල සංකීර්ණ ගණිත කර්ම සිදුකිරීමෙන් වේ. එම කාර්ය සිදු කිරීමට අති විශාල පරිගණක ශක්තියක් අවශ්‍ය වේ.
එමෙන්ම ඒ සඳහා ඇති විශාල විදුලියක් අවශ්‍ය වේ. මෙම කර්ය සඳහා ඇති විශාල පිරිවැයක්
දැරිය යුතු වන අතර එය ලෝකය පුරා විශාල කර්මාන්තයක් වශයෙන් විවිධ පුද්ගලයන්
පවත්වාගෙන යයි.
Bitcoin Mining ඇතුළු ජාලයේ
කටයුතු ඉටු කිරීමට කිසිම කෙනෙකුගෙන් අවසර ගත යුතු නැත. ඔබට අදාල පරිගණක සහ විදුලිය
ඇත්නම් ඕනෑම වෙලාවක ජාලයට එකතු විය හැක.
ආයෝජනයක් වශයෙන් Bitcoin
Bitcoin මිල: - මෙය Bitcoin වලට ගොඩක් දෙනා
ආකර්ෂණය වන විදිය වේ. Bitcoin මිල 2012 දී 1$ පමණ වූ අතර එය 2017 දී 20,000 US$ බවට මිල වැඩි විය.
නමුත් Bitcoin
වල මිල ඉතා විශාල ලෙස උච්චාවචනයන්ට
ලක් වේ. උදා 2017 20000$ වූ Bitcoin
එකක මිල 2019 දී 3100$ කට අඩු වී 2019 ඔක්තෝබර් වලදී 14000$
නැවත ළඟ විය. නැවත 2020 මාර්තු වලදී
4000$ අඩු වී දැන් (2020 මැයි) 9000$
සිමාවේ පවතී.
![]() |
| Bitcoin මිල වැඩිවීම |
එම නිසා මෙය ගැන
හරියට දැන නොගෙන ආයෝජනය කිරීමෙන් තම ධනය සම්පුර්ණයෙන්ම නැති වී යා හැකි අතර, හරියට දැනගෙන ඉවසීමෙන් ආයෝජනය
කිරමෙන් විශාල ධනයක් ලබා ගත හැක.
සාමාන්යෙන් Bitcoin
වල ට පිළිගත් ආයෝජන සැලැස්ම වන්නේ
මිලදී ගෙන රඳවා තබා ගැනීමයි. ( Buy and hold). මෙහිදී එකවර විශාල මුදල් ප්‍රමාණයක් ආයෝජනය නොකර එම මුදල් ප්‍රමාණය
කාණ්ඩ කීපයකට බෙදා දිගු කාලයක් තිස්සේ ආයෝජනය කිරීමෙන් මිල ඉහල පහල යාමෙන් වෙන
ලාභය හෝ අලාභය සාමාන්‍යකරණය වේ. එමෙන්ම එම ක්‍රමය අනුගමනය කිරීමෙන් ආයෝජනයේ මානසික
ආතතිය අවම කරගත හැක. පවතින Bitcoin ප්‍රමාණය සීමිත බැවින් දිගු කාලයක් තුල මිල වැඩි වීමේ වාසිය මෙම ක්‍රමය
මගින් ලබා ගත හැක.
තවද Bitcoin
වල ආයෝජනය කිරීමට තමා විසින්ම
පරීක්ෂණ කර දැනුම ලබා ගත යුතු වේ. (Do your own research).
ඊළඟ පොස්ටුවෙන් Bitcoin
ශ්‍රී ලංකාවේ ලබා ගන්නේ කොහොමද හා
ආරක්ෂිතව ගබඩා කරන්නේ කෙසේද? යන්න ගැන දැන ගන්න

I 'm very interested
ReplyDelete